Monday, May 4, 2015

what is difference between hdd and ssd?

මොකක්ද මේ HDD සහ SSD අතර වෙනස?







හරි පුංචි වෙලාවක් ලැබුනා ඉතින් අද ලැස්ති උනේ මොකක්ද මේ HDD සහ SSD අතර වෙනස කියලා බලන්නයි. සේරටම කලින් තමන් කරන්න යන වැඩේට හරියන Hard Disk එකක් එහෙමත් නැත්තම් storage device එකක් තීරණය කරන එක
ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍ය පරිඝනකයකදී නම් එක එතරම් වැදගත් නැ. මොකද හුගක් විට Operating System එකේ loading time එක තප්පර ගානකින් වේගවත් වීම එහෙමත් නැත්තම් file copy process එකක් වේගවත් වීම ගැන සාමාන්‍ය පරිශීලකයෙකුට එතරම් ලොකු තේරුමක් නැති නිසා. එත් සමහර කාරණා වලදී මේ HDD එකක් තෝරාගැනීම ඉතාමත් වැදගත්. උදාහරණයක් විදියට Network file share එකකට සාමාන්‍ය HDD එකක් දැම්මොත් users ලා ගොඩක් මේකට එකම වෙලාවේ access කරනකොට මේ share එක ගොඩාක් ස්ලෝව් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කොම්පැනියකට වගේ නම් මුල්‍යමය විදියට බලපානවා. ඒ කෙසේ වෙතත් මෙන්න මෙහෙමයි මේ HDD, SSD සහ SSHD අතර වෙනස්කම් වෙන්නේ.



Hard-Disk Drives (HDDs)

දැනට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී හුගක්ම දුරට පාවිච්චි වෙන්නේ මෙන්න මේ කියන Hard Disk Drives. හැමෝම දන්නවනේ මේක ඇතුලේ තියෙන්නේ circular type disk platter එකක් හෝ ඊට වැඩි ගණනක්. ඉතින් මේ platters කැරකෙනකොට head එකක් මගින් data read-write කරන එක තමයි කරන්නේ. එක පැත්තකින් මේ විදියේ HDD use කරන එක සාක්කුවට හොඳයි. මොකද මිල ගණන් ඉතාම පහල මට්ටමක තියෙන්නේ. හැබැයි ඉතින් මේ ජාතියේ disk drive වල read/write speed එක එහෙමත් නැත්තම් Disk I/O එක ගොඩාක් පහල මට්ටමක තියෙන්නේ. එකට හේතුව තමයි අර කලින් කියපු circular type disk platters පාවිච්චි කරලා මේක හදලා තියෙන එක. මේ නිසා data access කරන්න සැලකිය යුතු මට්ටමේ කාලයක් යනවා. ඒ වගේම මේ disk vibration තත්ත්ව වලට සංවේදී වගේම විවිදාකාර errors ඇති වෙන්න පුළුවන් සම්බාවිතාව වැඩි හෙල්ලිම් ගැස්සීම් වලදී.

Solid-State Drives (SSDs)

SSD Disk එහෙමත් නැත්තම් Solid State Drives ගැන කතා කරනකොට මේවා ගොඩාක් අර කලින් කියපු Hard Disk Drives වලට වඩා ඉදිරියෙන් සිටින්නේ තාක්ෂනය අතින් වගේම ගුණාත්මක බාවය අතින්. ඒ වගේම සාමාන්‍ය HDD එකක් වගේ නෙවේ හොඳ මට්ටමේ SSD එකකට පුළුවන් තප්පරයට මෙගාබයිට් 550 ක් write කරන්න. ( මොකද විවිදාකාර brand එනවනේ ;) ) ඉතින් මේ වේගය අර අපි කලින් කතා කර HDD වගේ 275 ගුණයක විතර වැඩි වීමක්. හොඳම SSD එකක් නොවුනත් හැම SSD එකක්ම අනිවාර්යයෙන්ම 200 MB/s වලින් ඉහල writing speed අගයක් ගන්නවා. සාමාන්‍ය HDD එකක් file access එකකට milliseconds 7 ක් 8 ක් වගේ කාලයක් ගන්නකොට මේ SSD එකට පුළුවන් ඒ ක්‍රියාවලිය milliseconds එකකටත් අඩු කාලයකදී කරන්න. හේතුව වෙන්නේ මේක ඇතුලේ අර කලින් වගේ කැරකෙන platters නැ ඒ වෙනුවට තියෙන්නේ flash memory එක නිසා අර කලින් වගේ vibration එකකදී උනත් මේ SSD Disk එකක් හොඳම විදියට preform කරනවා.


Our Facebook Page

About Author

Malitha Manawaduge

Do you actually need a custom ROM for your Android device. Do got really don’t that ya it is time to ditch the stock android ROM and move on while replacing it with newer and better custom ROMs.