මාතෘකාව කියෙව්වම අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ අද කියලා දෙන්න යන දේ ගැන.Phone වලට Software ගහන්න ගිහිල්ලා කට්ට කාපු අය ඕන තරම් ඇති.ඔය Communication වල අයියලට පදිරි වෙන්නේ නැතුව අතේ සල්ලි ටිකත් ඉතුරු කරගන්න විදිය තමයි දෙන්න යන්නේ.එහෙනම් පටන් ගමු.
පළවෙනියටම කියන්න ඕන අද මම මේ කියල යන දේ හරියන්නේ ඔය පහළ තියෙන Nokia Phone වලට විතරයි ඈ.අනිත් Phone ගැන ඉදිරියෙදි කියලා දෙන්නම්.Nokia Phoneම මුලින්ම තෝරගත්තේ ලංකාවේ වැඩි පිරිසක් අතර භාවිතා වෙන්නේ Nokia Phone නිසා.
වැඩකරන්නේ මෙන්න මේ Phone වලට විතරයි
- Windows Phones
- Symbian මෙහෙයුම් පද්ධතිය සහිත Phones
- Series 30+,40+ මෙහෙයුම් පද්ධති සහිත Phones
- Asha Phone Series එකේ ඕනම Phone එකකට
- HTC Phones
- Windows 8 හෝ ඊට ඉහළ සංස්කරණයක් තියෙන ඕනම Phone එකකට
සේරටම කලින්
Phone එකේ Backup එකක් දාගන්න.ඒ කියන්නේ අලුතෙන් Software ගැහුවම Phone Memory එකේ තියෙන සේරම Delete වෙලා යනවා.ඒ නිසා Phone Memory එකේ අවශ්‍ය දෙයක් Save කරලා තියෙනවනම් ඒවා කොහාට හරි Copy කරල තියාගන්න.ඒ වගේම Phone Memory එකේ Contacts එහෙම Save කරලා තියෙනවනම් ඒවයි Copyයක් SIM එකට දාගන්න.මොකද Contact ටිකත් මෙව්ව වෙලා යන නිසා.හරි එහෙනම් වැඩේ පටන් ගමු
පළවෙනි පියවරමෙන්න මේ මෘදුකාංග තමයි අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ.Windows Phone ඒ කියන්නේ Touch Phone වලට වෙනම එකක් තියෙනවා අනිත් ඒවට ඒ කියන්නේ Button ඔබන්න තියෙන ඒවට වෙනම එකක් තියෙනවා.ඔයාගේ අවශ්‍යතාවය අනුව අදාළ Software එක Download කරගන්න.
- Windows Phone සඳහා - Windows Phone Recovery Tool
- අනෙකුත් සාමාන්‍ය දුරකතන සඳහා - Lumia Software Recovery Tool
දැන් Download කරගත්තු Software එක Install කරගන්න.මතක තියාගන්න Software එක Install වෙන අතරතුරත් Internet Connect කරලා තියන්න ඕන.ඒ වගේම තමයි Install වෙන්න ටිකක් වෙලා යනවා.
තෙවනි පියවර
දැන් Software එක Open කරගන්න.දැන් ඉතින් තියෙන්නේ Software එක කියන විදියට වැඩ කරන එක තමයි.මතක තියාගන්න.Phone එකට Software ගහන අතරතුරත් Internet Connect කර තිබීම අත්‍යවශ්‍යයයි.අව්ලක් නෑ.
ඉස්සුව පෝස්ට් එකකි - http://www.computereka.tk/2015/09/nokiamicrosoft-phone-software.html