ඔබේ දුරකතනයේත් IMEI NULL වෙලාද? එසේ නම් මෙම ලිපිය අනිවාර්යයෙන් කියවන්න
ඉමි නල් කියන්නේ ස්මාර්ට්පෝන් වලට වැලදෙන රෝගයක්. 5%ත් 8% අතර වගේ මෙම රෝගය වැලදීමේ අවධානමක් ඔබේ පෝන් එකටත් තියෙනවා. මොකද මේක ඔබගේ පාවිච්චියේ වරදක් මත ඇති වන්නක් නොවේ. මේ රෝගයේ දැකිය හැකි රෝග ලක්ෂණ නම්..
1. *#06# යොදා imei අංකය පරීකෂා කළ විට පෝන් එකෙහි සුපුරුද imei අංකය වෙනුවට null/null ලෙස දිස්වීම.
2. Settings/about phone ඔස්සේ ගොස් baseband version පරීක්ශා කළ විට Unknown ලෙස දිස්වීම.
3. ඇමතුම්/කෙටි පණිවුඩ සේවා/මොබයිල් ඩේටා සේවා සියල්ල ක්රියාවහිත වීම.
ඉහත රෝග ලක්ෂණ සමග පහත මාරාන්තික රෝග ලක්ෂණද පෙන්වන්නේ නම් ඔබගේ පෝන් රාජයා අමතක කරනු යහපති.
1. පෝන් එකෙහි cpu එක පවතින් ඉහල පෙදෙස(S3 එකෙහි නම් පහළ පෙදෙස) අධිකව රත් වීම.
2. පැය 2ක් යාමට මත්තෙන් 100% සිට 0% දක්වා බැටරි බැස ගොස් ක්‍රියා විරහිත වීම.
*ඉහත මාරාන්තික රෝග ලක්ෂණ නොපෙන්වන්නෙ නම් පමණක් ගොඩ වෙදකමක් ලෙස stock rom එක odin එකෙන් ගසා බලන්න. එසේ නොහේ නම් වහාම රෝගියා හොදම ස්මර්ට්පෝන් රෙපෙයාර් ශොප් එකකට රැගෙනයන්ට.
ඉතින් ඔන්න ඔය කියන ඉමි නම්බර් එක නල් වෙන රෝගෙටත් ඩෙංගු වලට වගේ අවස්තා 2ක් තියෙනව.
ඒකියන්නේ..මේ ඉමි නල් කේස් එක අවස්තා 2කදී ඇතිවෙන්න පුලුවන්.
1.පෝන් එකෙහි efa partition එක කොරප්ට් උනාම.
2.පෝන් එකෙහි modem(baseband) ic හානි වූ විට.(මාරාන්තිකයි)
ඉහත 1 හි පරිදි efs partition එකෙහි data කරප්ට් වූ විටද ඉමි නම්බරේ නල් ලෙස දිස්වන්නේ..පෝන් එකේ අනන්‍යතාව අඩංගු වන්නෙ efs partition එකෙහි වන බැවිනි. Efs partition යනු පිටතින් දැකිය නොහැකි.. root කර system/ තුළට ගිය විට පමණක් දැකිය හැකි සගවුණු partition එකකි. ඔබේ Imei නම්බරය encrypt කර තබා ඇත්තේද මෙහිය. රොම් ගැහුවාට මෙම පාර්ටිශන් එක format වෙන්නෙ නැත. නමුත් රොම් ගසන විට මෙහි දත්ත වලට හානි වී imei null විය හැක. Imei නැති පෝන් එකක් නෙට්වක් කැරියර් විසින් ඔවුන්ගේ නෙට්වර්ක් එකෙහි රෙජිස්ටර් කරගන්නේ නැති බැවින් ඔබගේ පෝන් එකෙහි සියලු සබදතා ඇණහිටිනු ඇත. නමුත් efs corrupt හේතුවෙන් ඔබගේ imei null වී ඇත්නම් මෙය සාදා ගැනීමට පහසුය. වහාම smartphone රෙපෙයාර් shop එකකට යන්න.
අංක 2හි පරිදි මාරාන්තික වන්නෙ imei null වී ඔබගෙ පෝන් එක අධිකව heat වන්නේ නම් හා බැටරිය ක්ෂණයෙන් බැස යන්නේ නම් පමණි. එසේ වන්නේ නම් අදාළ modem(baseband ic) ය ලුහුවත්(short) වේ. Modem ic මාරු කිරීම කළ නොහැකිය. මන්ද බොහෝ චිපයන්හි modem ic පිහිටුවා ඇත්තේද cpu (soc-system on chip) මත බැවිනි. Cpu replace කළ නොහැක.
ඒ හැර සමහරු කියන පරිදි stock rom ගැසූ සැණින් imei null/baseband unknown රෝග හරිගස්සන්ට බැරිය.
-කොහෙන්වත් translate කළ හෝ උස්සා දැමූ පෝස්ටුවක් නොවේ. මාගේ අධ්‍යනයන්ගෙන් පසුව මවිසින්ම පළ කෙරුනකි.-
-කොපිරයිට් : තිසර සොනාල් නොහොත් තරිදු-
- උපුටා ගැනීමකි. (facebook අඩවියේ "කොරියන් පෝන් යනු?" පේජයේ තිසර සොනාල් පල කල ලිපියක් ඇසුරිනි.)