Monday, May 18, 2015

How to fix Baseband Unknown error?

ෆෝන් එකේ BASEBAND අවුල් ගියාද? සිග්නල් එන්නේ නැද්ද? කඩවල් ගානේ රස්තියාදු නොවී අපිම හදා ගනිමු!

අද මම ඔයාලට කියා දෙන්නේ Baseband Unknown, එහෙම නැත්තන් Baseband එක වැරදිලා ෆෝන් එකට සිග්නල් එන්නේ නැතුව ගියොත් හදා ගන්න විදිය ගැනයි.



Baseband එක මේ විදියට වැරදෙන්නේ හේතු කිහිපයක් මත.

01. වැරදි ROM භාවිතා කිරීම
02. Korean Phone International කිරීමට යාමේදී
03. වෙනත් රටකට අදාල ROM එකක් භාවිතා කිරීමේදී

ඇත්තම කිව්වොත් මේ අවුල ගොඩක්ම එන්නේ Korean Phone International කිරීම යන කොට. ඒ කියන්නේ Samsung ෆෝන් වලට තමයි මේ අවුල ගොඩක්ම එන්නේ.

මේක හදන්න එක එක අය එක එක විදියට සෙල්ලම් දානවා. Ril+Modem Flash කරනවා. Modem File එක Modify කරනවා, ඒ වගේ ලෝකේ නැති ගේම් දෙනවා.

කඩේකට හදන්න දුන්නොත් කතන්දර දෙකක් නෑ 4000ක් විතර කඩා ගන්නවා. මොකද මේක SoftwareBOX එකෙන් හදන්න බෑනේ. එයාලත් දන්න කාට හරි කියලා තමයි හදා ගන්නේ.

දැන් ඉතින් ඒ කාලේ අදින් ඉවරයි. අද මම කියා දෙනවා Baseband කෙලවෙච්ච සැම්සුන් ෆෝන් ඕනේ එකක් ගොඩ දාන්නේ කොහොමද කියලා.

ගොඩ දාන්න කලින් මේ ටික මතක තියා ගන්න ඕනේ.

ගොඩ ගත්තට පස්සේ International කරන්න කලින් පාවිච්චි කරපු ROM එක පාවිච්චි කරන්න එපා.
ඔයාට පුළුවන් වෙන ROM එකක් පාවිච්චි කරලා ආයෙත් ඕනේ නම් International කර ගන්න.
හොදම දේ තමයි Custom ROM එකක් පාවිච්චි කරන එක. මොකද ඒවයේ baseband වලට කිසිම බලපෑමක් වෙන්නේ නැති නිසා.

ඔන්න එහෙන වැඩේ පටන් ගම්මු.

දැන් ඔයාගේ ෆෝන් එකට අදාල Firmware එක ගන්න. මතක තියා ගන්න. ඔයාගේ ෆෝන් එකට එන Original Stock ROM එක Download කර ගන්න.


දැන් ඔයා ෆෝන් එක International කලා වගේම Odin එකෙන් මේ ROM එකත් ඔයගේ ෆෝන් එකට ගහන්න.

ඔයාට රොම් එක දිගටම පාවිච්චි කරන්න හිතෙනවා නම් ඔයා Google එකෙන් ඔයාගේ ෆෝන් එකට අදාල PIT File එක හොයා ගන්න. ඒක හැම ෆෝන් එකටම ඕනේ නෑ. ඒත් තියන එක හොදයි. PIT File එකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එක RE-Partition කරගෙන කොරියන් රොම් එකට හරිය විදියට ඔයාගේ ෆෝන් එක වෙනස් කර ගන්නවට.

මේ රොම් එක ගැහුවට පස්සේ නම් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ Baseband අවුල හරියන්න ඕනේ. මොකද Original Korean ROM එකේ තියන Baseband එක තමයි ඔයාගේ ෆෝන් එක ගන්න කොට තියන රොම් එක.

ෆෝන් එක ගන්න කොට සිග්නල් හරියට ආව නම් දැන් අනිවාර්යෙන් හරියන්න ඕනේ.

දැන් ඉතින් වැඩේ හරි. දැන් කැමති නම් International ROM එකක් ගහගන්න පුලුවන්.

ආයෙත් කෙල උනොත් හදා ගන්න විදිය දන්නවනේ ඉතින්.

-උපුටා ගැනීම www.galaxysanycall.weebly.com

Our Facebook Page

About Author

Malitha Manawaduge

Do you actually need a custom ROM for your Android device. Do got really don’t that ya it is time to ditch the stock android ROM and move on while replacing it with newer and better custom ROMs.